Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2022 21:20:43 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67-III සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67-III හි සමාප්ති උත්සවය පසුගිය බදාදා (21) දින එම පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති අතර, එම අවස්ථාව සඳහා පාබල පුහුණූ මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර සහභාගී විය.

නොවැම්බර් මස 21 දින ආරම්භ කරනු ලැබූ මෙම පාඨමාලාව දින 30 ක් පුරාවට පැවති අතර එහිදී, අවි ආයුධ හැසිරවීම සම්බන්ධව තරුණ නිලධාරීන් මනාව පුහුණු කිරීම සඳහා දේශන සහ ප්‍රායෝගික සැසිවාරයන් ද පැවැත්විණි.

පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් උත්සවයේ සමාප්ති දේශනය පවත්වමින් එම තරුණ නිලධාරීන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව සිය සුබපැතුම් පිරිනැමුවේය. ශිෂ්‍ය නිලධාරීන් 102 දෙනෙකු විසින් හදාරනු ලැබූ මෙම පාඨමාලාවේ පළමු ස්ථානය හිමිකර ගත් 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.එම්.ආර්.එල්. අබේරත්න විශේෂ ඇගයීමකට ලක් විය.