Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2022 21:50:43 Hours

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක ඛණ්ඩයෙහි සංචාරයක

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ලෙස පසුගිය දා රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhkal) පසුගිය සඳුදා (12) දින ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක ඛණ්ඩයෙහි සංචාරයක නිරත විය.

ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක ඛණ්ඩයෙහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.ඩී.එන්. සමරකෝන් විසින් සංචාරයේ නිරත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පෙරදිග නැටුම් කණ්ඩායම විසින් සංස්කෘතික නර්තනයක් පවත්වමින් එතුමන් මෙම අවස්ථාවට පිළිගනු ලැබූහ.

සංචාරය අතරතුර, ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක ඛණ්ඩයෙහි අණදෙන නිලධාරී විසින් ලෙබනනයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස්හී කාර්යභාරය පිළිබඳ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ කේ-9 විශේෂ හමුදා සුනඛ අංශයේ ද සංචාරයක නිරත විය. සංචාරය සමාප්තියේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් සමඟින් සුහද පිළිසදරක නිරත විය.