24th December 2022 22:03:43 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 552 වන බලසේනාවේ භටපිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව යාපනයේ මුහමාලේ ‘ආරෝග්‍යාමාතා’ දේවස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී සංදර්ශනයක් ඉකුත් අඟහරුවාදා (20) දින පවත්වනු ලැබීය. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර විසින් ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන පැවැත්විණි.
යාපනය රදගුරු පදවියේ රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් සහ ‘ආරෝග්‍යාමාතා’ දේවස්ථානයේ එස් ඇන්ටන් ජෝර්ජ් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති නත්තල් කැරොල් ගීත ගායනයෙන් අලංකාර වූ මෙම නත්තල් උත්සවයේදී ගැබිණි මව්වරුන් සහ ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීම සහ පාසල් සිසුන් සඳහා පාසල් බෑග් 125 ක්, පාසල් ලිපි ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග සිදුකරනු ලැබීය.
මෙම ප්‍රජාසත්කාරක වැඩසටහනේදී බෙදාදුන් රුපියල් මිලියන 1.6 ක වටිනාකමකින් යුත් වියලි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරන ආදී ද්‍රව්‍ය සඳහා මූල්‍යමය අනුග්‍රහකත්වය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යයින් වන මිනෝලි මල්වාන සහ ෂර්මිකා කුවේජු යන මහත්මින් ප්‍රමුඛ ඔවුන්ගේ මිතුරන් විසින් ලබාදුන් අතර, වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 552 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ආර්.ආර්.එස් දෙහිගල විසින් සිදුකරන ලදී.
1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ, 23 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරීන්ගේ සහ 552 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම සමාජ සත්කාරක වැඩසටහනෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551, 552 සහ 553 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, පලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති එස් සුබ්‍රමුණියම් සුරේන් මහතා සහ පරිත්‍යාගශීලීන්ද සහභාගී වූහ.