Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2022 21:23:51 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරින් වෙනුවෙන් පැවති තරුණ නිලධාරි පාඨමාලාව අංක 32 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් වෙනුවෙන් මාස හතරක කාලයක් පුරාවට පැවති තරුණ නිලධාරි පාඨමාලාව අංක 32 හි සමාප්ති උත්සවය පසුගිය ඉරිදා (18) දින අනුරාධපුර, කලත්තෑව ප්‍රදේශයේ පිහිටි සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තාක්‍ෂණික සහ උපායශීලී අදියරයන්ගෙන් සමන්විත වූ මෙම පාඨමාලාව අගෝස්තු මස 22 දින ආරම්භ විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව නිලධාරින් වෙත සන්නාහ සන්නද්ධ රථ පිළිබඳ මනා දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලුතිනන් ඩී.ඒ.ජී.එස්.එන්. කරුණාරත්න විසින් දිනාගන්නා ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් ඩී.කේ.එස්.එම්. කාරියවසම් විසින් පාඨමාලාවට සහභාගී වූවන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.