Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2022 21:38:33 Hours

142 වන බලසේනාවේ භටපිරිස් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සහය ලබාදෙයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 103 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ජාතික ලේ බැංකු පරිශ්‍රයේ සංවිධානය කරන ලද ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 142 වන බලසේනාවේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 15 දෙනෙකු පසුගිය ඉරිදා (18) දින සිය රුධිරය ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඩ්‍රෝන කැමරා රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලඇණිය, 14 වන විජයභාහු පාබල රෙජිමේන්තුව සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කලාප 03 හි භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.