Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2022 21:18:31 Hours

64 වන සේනාංකයේ 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

දෙසැම්බර් මස 10 දිනට යෙදෙන 64 වන සේනාංක මූලස්ථානයේ 14 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේදී සැමරුම් උත්සව කිහිපයක් පවත්වන ලදී. සංවත්සර උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි.

සංවත්සර දිනයේදී, 64 වන සේනාංකයේ භටපිරිස් අනුරාධපුර ශික්‍ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදී, යුද්ධ හමුදා සාමාජිකයන් 130 දෙනෙකු මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.

සංවත්සර දිනය යෙදී තිබූ දෙසැම්බර් මස 10 දින 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කරනු ලැබීය.

උත්සවය සමාප්තියේදී භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් ඉන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.