Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2022 21:12:03 Hours

51 වන සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක්

වාර්ෂිකව පවත්වනු ලබන ‘CIMIC’ වැඩසටහනට සමගාමීව 51 වන සේනාංකය විසින් වසර අවසාන වාර විභාගයට සූදානම් වන යාපනය ප්‍රදේශයේ වෙසෙන 4 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරනු ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය. 51 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි සෙල්වපුරම්, යෝගපුරම් සහ කෝපායි ප්‍රදේශයන්හි සිසු සිසුවියන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022 දෙසැම්බර් මස 08 දින එම සේනාංකයේ පහසුකම් සංකීර්ණයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත මෙම පාඨමාලාව ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාව සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 2.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ඉංග්‍රීසි උපදේශක කපිතන් රොෂ්නි රණසිංහගේ ප්‍රධානත්වයෙන් 51 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්වේ.