Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2022 18:45:54 Hours

ඩීමෝ ලංකා පුද්ගලික සමාගමේ මූලිකත්වයෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරින්ට පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ඉල්ලීමකට අනුව ඩීමෝ ලංකා පුද්ගලික සමාගම වෙතින් එම බලකායේ නිලධාරින් 20 දෙනෙකු වෙනුවෙන් සියලුම ටාටා වාහන අළුත්වැඩියා කිරීම සම්බන්ධව දෙදින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් මස 15 සහ 16 දෙදින තුළ සියඹලාපේ පිහිටි ඩීමෝ ලංකා වැඩපළේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ යෝජනාවකට අනුව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ටාටා වාහන කළමනාකරණය සහ නඩත්තුව පිළිබඳ අදාළ නිලධාරින්ට මූලික දැනුමක් ලබාදීම පිළිබඳව මෙම වැඩමුළුවේදී ප්‍රායෝගික පුහුණු සැසිවාරයන් පවත්වනු ලැබිණි.