21st December 2022 18:49:22 Hours
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙතින් පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය දෙසැම්බර් මස 19 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයන් 245 දෙනෙකු සහභාගී වූහ.
නොවැම්බර් මස 01 දින ආරම්භ කළ මෙම බලඇණි පුහුණු පාඨමාලාව හමුදාමය විෂයයන්, මූලික යුද උපක්‍රම, සිතියම් කියවීම, ප්‍රති ත්‍රස්ත මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව, නගරබද සටන්, සිවිල් නීතිය, හමුදා නීතිය සහ වෙඩි තැබීම ආදී ක්ෂේත්‍රයන් ඔස්සේ පවත්වනු ලැබීය.
මෙම බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයේදී යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි විසින් එහි සමාප්ති දේශනය පවත්වන ලදී.
පාඨමාලාවේ විශිෂ්ඨ සම්මාන හිමිකරගත් සාමාජිකයන් පහතින් දැක්වේ:
දක්‍ෂතම සිසුවා : මේජර් සී.සී. මුදන්නායක
දක්‍ෂතම වෙඩික්කරු : කෝප්‍රල් ඩී.එම්. රන්තිලක
හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - රයිෆල් සෙබල ඩී.එම්.සී. දිසානායක