Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2022 18:52:08 Hours

සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනේ

7 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලද තොරතුරක් මත 222 වන බලසේනාවේ බුද්ධි අංශ භටපිරිස් විසින් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව 2022 දෙසැම්බර් මස 18 දින අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මත්කුඩු සමඟ අදාළ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට බුද්ධි අංශ භටපිරිස් කටයුතු කෙරිණි.

7 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලද තොරතුරකට අනුව එදිනම 221 වන බලසේනාව යටතේ සේවයේ නියුතු බුද්ධි අංශ භටපිරිස් කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව කේරළ ගංජා ග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.