Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2022 23:30:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තවත් තරුණ නිලධාරින් පිරිසක් මාතෘභූමියට දායාද කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත්ම අධ්‍යාපන ආයතනය වන දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරින් 352 දෙනෙකු පසුගිය සෙනසුරාදා (17) දින පැවති අභිමානවත් පෙළපාලියකදී විසිර ගියහ. මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් අනාගතයේදී විවිධ අභියෝග සහ උපායමාර්ගික වගකීම් භාරගැනීම සඳහ‍ා අත්‍යවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප සහිත උපායශීලී නායකයින් ලෙස මෙම කෙඩෙට් නිලධාරින් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම පාඨමාලාව තුලින් අවශ්‍ය දැනුම ලබාදේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වූවේය. මාලදිවයින සහ සැම්බියාව රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා කෙඩෙට් නිලධාරින් තිදෙනෙකු හා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89, 91, 91 බී, එස්සී 19, කාන්තා නිලධාරී පාඨමාලා අංක 19, ස්වේචඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 61, 61 ඒ සහ ස්වෙච්ඡා කාන්තා නිලධාරී පාඨමාලා අංක 18 හැදෑරූ කෙඩෙට් නිලධාරින් 352 දෙනෙකු මෙම පාඨමාලාවේදී අධිකාරියට පත්ව විසිර ගියහ.

අධිකාරියට පත් නිලධාරින් වෙත සුභපැතුම් එක්කිරීම සඳහා ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ජනාධිපති ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ ජනාධිපති ප්‍රධාන උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ආරක්‍ෂක උපදේශකවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ භාර්යාව සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන්, අධිකාරියට පත් නිලධාරින්ගේ දෙමව්පියන් සහ ළඟම ඥාතීන් ද මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අශ්වාරෝහක භට කණ්ඩායමක් විසින් වර්ණවත් පෙරහැරකින් ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විශේෂ පීඨිකාව වෙත කැටුව යාමෙන් අනතුරුව එම විද්‍යාපීඨයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මියගිය රණවිරුවන්ගේ අමිල මතකයන් යලි ආවර්ජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එම රණවිරුවන්ගේ වීරත්වය වෙනුවෙන් ගෞරව දක්වමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.

ජාතික වැදගත්කමකින් යුත් අතිවිශිෂ්ඨ විසිරයාමේ පෙළපාලියක පසුබිමේ හමුදා ධජ එසවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ පැවති මෙම විසිර යාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ආර්.ඒ.ඒ. රණවක උත්සවයේ ඉතිරි කටයුතු සිදුකිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් අවසර ලබාගත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අධිකාරියට පත්වන කෙඩෙට් නිලධාරින් වෙත ජනාධිපති අධිකාරියෙහි සංකේතය වන අසිපත් ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එක් එක් පාඨමාලාවන්හී හොඳම දක්‍ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරින් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.

අධිකාරියට පත් නිලධාරින් අමතමින් අතිගරු ජනාධිපතිතුමන් සෑම විටම තමා යටතේ සිටින අනුගාමිකයන් සහ ඔවුන් යටතේ සිටින සොල්දාදුවන් ආරක්‍ෂා කළ යුතු බවත්, පුහුණුවෙන් පසු අද නව දිවියකට එළඹෙන එම නිලධාරින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැමවිටම ආරක්‍ෂා කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

පැමිණ සිටි සියලූම සම්භාවනීය අමුත්තන් අමන්දානන්දයට පත්කරමින් අධිකාරියට පත් වූ නිලධාරින් මකර තොරණෙහි පියගැටපෙළ නැඟ මෙතෙක් ඔවුන් පුහුණුව ලැබූ සරඹ භූමිය තුලින් අභිමානවත් ලෙස පා ගමනින් පිටත්ව යන ලදී.

පෙළපාලිය අවසන් වීමෙන් පසු සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ජනාධිපති අධිකාරියට පත් නිලධාරින් තම උරහිස් මත නිල පැළඳවීමේ (Pipping Ceremony) අභිමානවත් අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව අධිකාරියට පත් නිලධාරින් තම පුහුණු කාලය තුල තමන්ට මඟහැරුණු ආදරණීයන් සමඟින් ගෙවුණු ප්‍රීතිමත් මොහොතක් විය.

පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරින් පහතින් දැක්වේ:

නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 91:

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: කෙඩෙට් නිලධාරි ඒ.ජී.සී.ජී. මදුෂාන්ත ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: බලඇණි මෙහෙයුම් නිලධාරී එම්.ආර්. සිතාර

නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91 බී

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී යූ.ඩී.එන්.එන්. රොද්‍රිගෝ

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී යූ.ඩී.එන්.එන්. රොද්‍රිගෝ

ගෞරවණීය යෂ්ඨිය සඳහා වූ ගෞරව සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරි එම්. අහමඩ්

නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක එස්සී 19

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී කේ.කේ.එස්.එස්. දෙව්මින

කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී කේ.එම්.ඩී.බී. බණ්ඩාර

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී කේ.එම්.ඩී.බී. බණ්ඩාර

ස්වෙච්ඡා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 61

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ටී.කේ.ඩී. බණ්ඩාර

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ටී.කේ.ඩී. බණ්ඩාර

ස්වෙච්ඡා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 61 ඒ

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: කෙඩෙට් සැරයන් ආර්.එම්. ජානක

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කෙඩෙට් සැරයන් ආර්.එම්. ජානක

ස්වෙච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 18

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ඊ.ඒ.ඒ.ඩී. එදිරිසිංහ