20th December 2022 17:46:21 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ පසුගිය සඳුදා (19) දින එම සේනාංක මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ 11 වන සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.
මෙම අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.