20th December 2022 21:22:47 Hours
නුදුරේදී විශ්‍රාම යාමට නියමිත 1 වන බලකා මූලස්ථානයේ දෙවන බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න 2022 දෙසැම්බර් මස 15 දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.
උත්සවය සමාරම්භය සනිටුහන් කරමින් 1 වන බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න 1 වන බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
1 වන බලකා මූලස්ථානයේ ‘නෙළුම්පියස’ සම්මන්ත්‍රණ ශාලාවේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න වසර 34 ක හමුදා දිවියේ අත්දැකීම් පිළිබඳ සිහිපත් කළ අතර සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය කෘතඥතාවය පළකළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සහ කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙසද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය. සිය දේශනය සමාප්තියේ, 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි එක්ව නික්ම යන 1 වන බලකායේ දෙවන බලකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.
උත්සවය සමාප්තියේ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවේය. මෙම අවස්ථාව සඳහා 1 වන බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.