20th December 2022 17:48:20 Hours
සීමාසහිත ෆොන්ටෙරා ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහකත්වය මත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ භටපිරිස් විසින් 2022 දෙසැම්බර් මස 17 දින පදවිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ග්‍රෑම් 400 ඇන්කර් කිරිපිටි පැකට් 144 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ හා 622 බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම සහ 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ගාමිණී අත්තනායක ගේ අධීක්‍ෂණය මත සිදුකරන ලදී.
මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.