Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2022 17:31:19 Hours

එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලා අංක - 01 සාර්ථකව අවසන්

2022 එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලා අංක - 01 හි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් දෙසැම්බර් මස 16 දින යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව 2022 නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 16 දින දක්වා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූහ.

හමුදා නිරීක්‍ෂකයෙකු විසින් ඉටුකිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන වගකීම් කෙරෙහි අවධානය යොමුකරමින් පවත්වනු ලබන මෙම පාඨමාලාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙතින් සපයනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව සකස් කර ඇත.

විදේශ නිලධාරි උපදේශකවරුන් 02 දෙනෙකු වන බංගලාදේශ යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් එම්.ඩී. ෂරීෆ් රයිහාන් (Lt Col M D Sharif Raihan) හා නේපාල යුද්ධ හමුදාවේ මේජර් ලක්‍ෂ්මන් කඩ්කා (Major Laxman Khadka) සහ යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ උපදේශකයින් තිදෙනෙකු වන ලුතිනන් කර්නල් පී.ඩබ්ලිව්. කරුණාරත්න, ලුතිනන් කර්නල් කේ.ඒ.ඒ.කේ. කරුණාරත්න සහ මේජර් අමිත විජේකෝන් විසින් මෙම පාඨමාලාවේ දේශන පවත්වනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ විසින් එහි සමාප්ති දේශනය පවත්වනු ලැබු අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.