Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2022 17:26:11 Hours

අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්

එළඹෙන නත්තල වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් දෙසැම්බර් මස 15 දින රෝහල් ශ්‍රවණාගාරයේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්විණි. යුද්ධ හමුදා රෝහල් කළමණාකාරීත්වය සහ එහි නඩත්තු අංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සංවිධානය කරනු ලැබිණි.

අසිරිමත් නත්තල් හැඟීම් පිළිබිඹු කරමින් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් එහිදී නත්තල් කැරොල් ගී ගායනා කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය, කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජනක විතානාච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.