Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2022 17:36:48 Hours

නික්ම යන 11 වන සේනාංකයේ සේනාංකාධිපතිට ගෞරවාචාර

නික්ම යන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (16) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකිරීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද එතුමන් වෙත ආරාධනා කරනු ලැබිණි.

මෙම අවස්ථාවේදී භටපිරිස් අමතමින් නික්ම යන සේනාංකාධිපතිතුමන් සිය සේවා කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය පළකළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වූ සේනාංකාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ සියලු නිලයන් සමඟින් සුහද පිළිසඳරක ද නිරත විය. ඉන් අනතුරුව, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණ කිහිපයක් ද ප්‍රදානය කරන ලදී.