20th December 2022 17:45:20 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත 551 වන බලසේනාවේ භටපිරිස් විසින් තුන්නාලෙයි (දකුණ), කරවෙඩ්ඩි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදි.
භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවස 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න විසින් දෙසැම්බර් මස (16) දින එම ප්‍රතිලාභී පවුල වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
අතිශය ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ දිවිගෙවු සෙල්වරත්නම් ජෙයපිරටා මහත්මිය වෙනුවෙන් භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවස සඳහා අනුග්‍රහකත්වය මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත කැනඩාවේ පිහිටි Living Savior ද්‍රවිඩ සංගමය විසින් යුද්ධ හමුදාව වෙත ලබාදෙන ලද අරමුදල් මගින් සිදුකරන ලදී.
නව නිවසේ ඉදිකිරීම් කටයුතු 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම හා 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් සිදුකරනු ලැබීය.
නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිවාසලාභි පවුල වෙත නව නිවසේ යතුර සංකේතාත්මකව ප්‍රදානය කළ අතර ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීම ද මෙහිදී සිදුකරන ලදී.
නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා 551, 552 සහ 553 වන බලසේනාවන්හී සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එන්. ජෙගනාදන් මහතා, කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ උප සභාපති කන්දීර් පොන්නයියා මහතා, කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් ඊ. ත්‍යාරූබන් මහතා, කරවෙඩ්ඩි ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආරාධිතයින් සහ සිවිල් වැසියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.