Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2022 17:20:03 Hours

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයෙහි පළමු සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයෙහි අභිමානවත් පළමු සංවත්සර සැමරුම් උත්සවය හමුදා සම්ප්‍රදායානුකූලව දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුල පැවැත්විණි. එහිදී සර්ව රාත්‍රික ‘සෙත් පිරිත්’ සජ්ඣායනයක් සහ පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිළිගන්වමින් සංවත්සර දින සැමරුම සංකේතවත් කරන ලදී.

සංවත්සර උත්සවය යෙදී තිබූ අඟහරුවාදා (06) දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් මානද යහම්පත් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘බෙලි’ පැලයක් ද රෝපණය කරන ලදී.

සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් එදින දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රසංගයෙන් අනතුරුව සංවත්සර උත්සවය නිමාවට පත්විය. 2021 දෙසැම්බර් මස මෙම විද්‍යාලය යුද්ධ හමුදා යුද විද්‍යාලය ලෙස නම් කරන ලද අතර, ඊට පෙර නිලධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානය ලෙස නම් කර තිබුණි.