Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2022 15:02:15 Hours

17 වැනි ශ්‍රී ලංකා කඹ ඇදීමේ ශූරතාවලියේ සියලුම ජයග්‍රහණ හිමිකර ගනිමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දස්කම් දක්වයි

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 17 වැනි ශ්‍රී ලංකා කඹ ඇදීමේ ශූරතාවලිය ඉකුත් ඉරිදා (11) දින කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ පැවැති අතර, එහිදි තරගාවලියේ සියළුම ශූරතාවයන් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීමට අනුව යුද්ධ හමුදාවේ දක්‍ෂ කඹ ඇදීමේ කණ්ඩායම් 6ක් මෙම තරගාවලියට සහභාගී කරවීමට හැකි විය.

යුද්ධ හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම බ්‍රිගේඩියර් සම්පත් ප්‍රනාන්දු විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, කර්නල් ධම්මිකා තිලකරත්න විසින් යුද්ධ හමුදා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම සම්බන්ධීකරණය කරන ලදී. එදින මුළුල්ලේ පැවති මෙම තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා සහ සිවිල් ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩා කණ්ඩායම් විසින් පහත සඳහන් ශූරතාවයන් දිනා ගන්නා ලදී.

23න් පහළ කාන්තා (බර පන්තිය - කි.ග්‍රෑම් 500) - ශූරතාවය

23න් පහළ පිරිමි (බර පන්තිය - කි.ග්‍රෑම් 600) - ශූරතාවය

කි.ග්‍රෑම් 600 පිරිමි බර පංතිය - - ශූරතාවය

කි.ග්‍රෑම් 560 කාන්තා බර පන්තිය - ශූරතාවය

විවෘත කාන්තා - ශූරතාවය

විවෘත පිරිමි - ශූරතාවය