Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2022 17:09:13 Hours

14 වන සේනාංකයේ භටපිරිස් වෙත ‘මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

සෑම වසරකම දෙසැම්බර් මස 10 දිනට යෙදී තිබෙන ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ‘මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සිකුරාදා (9) දින පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අංශයේ අධ්‍යක්‍ෂිකා මේනකා හේරත් සහ පර්යේෂණ හා විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂිකා සුලාරි ලියනගම යන මහත්මීන් විසින් එහිදී “මූලික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, සිරකරුවන්ගේ අයිතීන්, කම්කරු අයිතිවාසිකම් හා කම්කරු අයිතීන් යනාදී කරුණු පිළිබඳව හරවත් වූ දේශනයන් පැවැත්වූහ. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 50 දෙනෙකු සහ සෙසු නිලයින් 150 දෙනෙකු පමණ සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ අධීක්‍ෂණය යටතේ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.