10th December 2022 15:10:13 Hours
බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඉකුත් අඟහරුවාදා (06) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් දර්ශන විජේසේකර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු අරඹන ලදී.
යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපති වශයෙන් රාජකාරි අරඹන ලද මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් එහිදී සියළු භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම සහ රාජකාරි ස්වභාවය පිළිබඳව විස්තර කල අතර, රටේ අභිවෘද්ධිය සහ යුද්ධ හමුදා ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කමද ඔවුන් වෙත වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 54 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කටයුතු හෙබවූ අතර, මීට ප්‍රථම මෙම ධූරය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සහ බලකාධිපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන විසින් හොබවන ලදී.