Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2022 19:09:13 Hours

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලිය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 19 ක සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවෙයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලිය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 19ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් තරඟ ඉසව් 22 ක් සඳහා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී දෙසැම්බර් මස 01 දින සිට දෙසැම්බර් මස 06 දින දක්වා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් මධ්‍යයේ පවත්වන ලදී.

ජයග්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගී වූ අතර, යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුවේ සහකාර සභාපති කර්නල් සරත් පොතුපිටිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු ප්‍රේක්‍ෂක පිරිසක් අවසන් මහා තරඟය නැරඹිමට සහභාගී වූහ. යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් සහ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ක්‍රීඩිකාවන් හිමිකරගන්නා ලද අතර, පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ක්‍රීඩකයින් සහ අනුශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින්ට හිමි විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පහත පරිදි වේ.

වයස අවුරුදු 30 ට වැඩි - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ටී.එච්.ආර්.පී කුමාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය)

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.ඩී පියරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය)

වයස අවුරුදු 30 ට වැඩි - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය- ලාන්ස් කෝප්‍රල් ටී.එච්.ආර්.පී කුමාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය)

ලාන්ස් කෝප්‍රල් එම්.ඩී පියරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය)

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල අයි.ආර් රෙමන්සන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

සාමාන්‍ය සෙබල ටී.තුෂාන්තන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

වයස අවුරුදු 35 ට වැඩි - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - සැරයන් කේ.වී.වී.එස්.පී කෙන්ගල්ල (ගජබා රෙජිමේන්තුව)

දෙවන ස්ථානය - මාණ්ඩලික සැරයන් ටී.කේ වීරවර්ධන (ගැමුණු හේවා බලකාය)

වයස අවුරුදු 35 ට වැඩි - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කර්නල් යූ.වී.සී පුෂ්පසිරි (ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව)

මාණ්ඩලික සැරයන් ටී.කේ වීරවර්ධන (ගැමුණු හේවා බලකාය)

දෙවන ස්ථානය - මේජර් එම්.පී.එම් සමරතුංග (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

මේජර් ආර්.එම්.එන් රත්නායක (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

වයස අවුරුදු 40 ට වැඩි - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් කේ.කේ හේමන්ත (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

දෙවන ස්ථානය - මේජර් පී.කේ.අර්.අයි.ජේ දිසානායක (ගැමුණු හේවා බලකාය)

වයස අවුරුදු 40 ට වැඩි - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කර්නල් එස්.අයි.ඩී කොටුවේගොඩ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

කෝප්‍රල් කේ.කේ හේමන්ත (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

දෙවන ස්ථානය - මේජර් අර් රංදෙනිය (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

බලලත් නිලධාරී ආර්.පී.ආර් සෝමසිරි (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

වයස අවුරුදු 45 ට වැඩි - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කර්නල් එම්.ඒ.ටී ඉන්දික (ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය)

දෙවන ස්ථානය - ලුතිනන් කර්නල් ඩී.කේ.එස්.එම් කාරියවසම් (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

වයස අවුරුදු 45 ට වැඩි - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කර්නල් එම්.ඒ.ටී ඉන්දික (ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය)

සාමාන්‍ය සෙබල එච්.එල්.සී.ඒ සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය)

දෙවන ස්ථානය - කර්නල් එස්.එච්.පී.ඩී තිලකරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය)

මේජර් ඩබ්ලිව්.එස්.සී නානායක්කාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය)

වයස අවුරුදු 50 ට වැඩි - පිරිමි ඒකල අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කර්නල් යූ.වී.සී පුෂ්පසිරි (ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව)

දෙවන ස්ථානය - කර්නල් එස්.එච්.පී.ඩී තිලකරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය)

වයස අවුරුදු 50 ට වැඩි - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - බ්‍රිගේඩියර් ජී.ටී.ඒ ගොඩේවත්ත (ගජබා රෙජිමේන්තුව)

කර්නල් ආර්.එම්.එච් ජයතිස්ස (ගජබා රෙජිමේන්තුව)

දෙවන ස්ථානය - බ්‍රිගේඩියර් ආර්.පී.එස් පද්මශාන්ත (ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය)

බ්‍රිගේඩියර් එච්.ඒ.එම් ප්‍රේමරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

ආධුනික - කාන්තා කේවල අංශය

ප්‍රථම ස්ථානය - 2/ලුතිනන් එච්.එස් හේවාතන්ත්‍රි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

දෙවන ස්ථානය - ලුතිනන් පී.සී.ජේ කුමාරනතුංග (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය)

ආධුනික - කාන්තා ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් එස්.එන් මල්ලිකාගේ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

2/ලුතිනන් එච්.එස් හේවාතන්ත්‍රි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

දෙවන ස්ථානය - ලුතිනන් පී.සී.ජේ කුමාරනතුංග (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය)

කාන්තා සෙබල වයි.එස්.කේ ජයතිස්ස (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය)

ආධුනික - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල බී.ඩී.කේ.ටී විජේසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය)

දෙවන ස්ථානය - කෝප්‍රල් එල්.එස්.ඩී ලන්කේෂ්වර (ගජබා රෙජිමේන්තුව)

ආධුනික - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් ජී.ජී.කේ.එස් ප්‍රියංකර (ගජබා රෙජිමේන්තුව)

කෝප්‍රල් එල්.එස්.ඩී ලන්කේෂ්වර (ගජබා රෙජිමේන්තුව)

දෙවන ස්ථානය - කෝප්‍රල් අයි.කේ.එම්.එච් ඉලංගසිංහ (ගජබා රෙජිමේන්තුව)

කෝප්‍රල් එම්.පී.ඒ.එම් සෙනෙවිරත්න (ගජබා රෙජිමේන්තුව)

විවෘත - කාන්තා කේවල අංශය

ප්‍රථම ස්ථානය - ආධුනික කාන්තා සෙබල ඩබ්ලිව්.එම්.එච්.සී විජේරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

දෙවන ස්ථානය - ආධුනික කාන්තා සෙබල එච්.ඒ නිලූකා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

විවෘත - කාන්තා ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - ආධුනික කාන්තා සෙබල ඩබ්ලිව්.එම්.එච්.සී විජේරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

ආධුනික කාන්තා සෙබල එච්.ඒ නිලූකා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

දෙවන ස්ථානය - කපිතන් එච්.එම් අබේරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය)

කාන්තා සෙබල ඩබ්ලිව්.කේ.බී ද සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය)

විවෘත - පිරිමි කේවල අංශය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල බී.ටී.ඩී.ඩී ගුණතිලක (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

ප්‍රථම ස්ථානය - ආධුනික සෙබල ඒ.වී.එස්.පී ඩයස් (ශ්‍රී ලංකා පාබල හමුදාව)

විවෘත - පිරිමි ද්විත්ව අංශය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල යූ.වී.එම්.ආර්.එස් කරුණාතිලක (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

සාමාන්‍ය සෙබල බී.ටී.ඩී.ඩී ගුණතිලක (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ආර්.ඩී.එල්.එම් වීරසිංහ (ශ්‍රී ලංකා පාබල හමුදාව)

ආධුනික සෙබල ඒ.වී.එස්.පී ඩයස් (ශ්‍රී ලංකා පාබල හමුදාව)

ආධුනික කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව

2/ලුතිනන් එච්.එස් හේවාතන්ත්‍රි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

ආධුනික පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා

සාමාන්‍ය සෙබල බී.ඩී.කේ.ටී විජේසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය)

විවෘත කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව

ආධුනික කාන්තා සෙබල ඩබ්ලිව්.එම්.එච්.සී විජේරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

විවෘත පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා

සාමාන්‍ය සෙබල බී.ටී.ඩී.ඩී ගුණතිලක (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)