Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 17:59:38 Hours

සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව හැදෑරු විදේශිය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් උපාධි පිරිනමයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 16 හි උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (08) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගි විය.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුම ලබාදීමට සහ අණ හා මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ මාණ්ඩලික තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යයන ආයතනය වන සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති මෙම පාඨමාලාව සඳහා තෝරාගත් ත්‍රිවිධ හමුදා නිලධාරින්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්, විදේශීය රටවල ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් ද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු පිරිස මෙම අවස්ථාවට උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වර්ණවත් පෙරහැරකින් එම විද්‍යාලීය ශ්‍රවණාගාරය වෙත කැඳවාගෙන යනු ලැබීය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 16 සඳහා බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගාලය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ විදේශීය නිලධාරින් 22 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂක නිලධාරින් 149 දෙනෙකු සහභාගි වූහ. එසේම, මෙම පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් 76 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙකු විසින් හදාරනු ලැබීය. පාඨමාලාවේ අවසන් දින උත්සවය සඳහා කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය කළමණාකරන මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන්, උපාධිධාරි නිලධාරින්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් ද සහභාගී වූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ නිලධාරින් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කළහ.

විශේෂ සම්මාන හිමිකරගත් නිලධාරින් පහතින් දැක්වේ:

‘ගෝල්ඩන් අවුල්’ (GOLDEN OWL) සම්මානය

1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්

අ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් එච්.එ්.එම්.පී. කුමාර

ආ. බංගලාදේශ යුද්ධ හමුදාවේ මේජර් එෆ්.ඒ.එච්.අයි.එම්. හස්නේන් පීඑස්සී

2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්

අ. ලුතිනන් කමාන්ඩර් කේ.කේ.ඩී.එම්.ඩී. කරුණාරත්න

ආ. ඉන්දියානු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂ්ණන් සී

3. උපාධිලාභී ගුවන් හමුදා නිලධාරින්

අ. බලඝණ නායක එච්.එම්.එන් වනසිංහ

ආ. පකිස්තාන ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් යසීර් මුස්තාෆා

සේනාවිධායකතුමන්ගේ ගෞරව සම්මානය

1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්

අ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් එච්.එ්.එම්.පී. කුමාර

ආ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඩබ්ලිව්.ඒ.සී.එන්. කරුණාතිලක

2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්

අ. බංගලාදේශ නාවික හමුදාවේ කමාන්ඩර් එස්.අයි.බී. ෆිරෝස්

ආ. ඉන්දියානු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂ්ණන් සී

ඇ. පාකිස්තානු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එස්.එම්. අසාද්

3. උපාධිලාභී ගුවන් හමුදා නිලධාරින්

අ. බලඝණ නායක එච්.ඩබ්ලිව්.එන් වනසිංහ

ආ. වින්ග් කමාන්ඩර් කේ.ඊ.එන්.ඩී ගුණරත්න

‘ගෝල්ඩන් පෙන්’ (GOLDEN PEN) සම්මානය

අ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් එච්.ඒ.එම්.පී කුමාර