Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 14:35:28 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ක්‍රිෂාන් මනෝහරන් පසුගිය බ්‍රහස්පතින්දා (8) දින සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත සපැමිණි කර්නල් ක්‍රිෂාන් මනෝහරන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් කාර්යාලය වෙත කැටුව යනු ලැබූහ. එහිදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදුකරන ලදී. අනතුරුව එම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල කර්නල් ක්‍රිෂාන් මනෝහරන් විසින් එම පුහුණු පාසලේ සියළු භටපිරිස් අමතන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.