Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 14:50:28 Hours

7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවට අයත් 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් පොලිස් නිලධාරීන් සමඟ එක්ව මේ වනවිට කන්තලේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ගංජා සහ අනෙකුත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යයේ නිරතව සිටිති.

2022 දෙසැම්බර් මස 03 දින 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 7ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා එම සැකකරු ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරනු ලැබීය. ඒ සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගය ද හිමිවිය.

7 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙත ලද තොරතුරකට අනුව කේරළ ගංජා ග්‍රෑම් 3 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් සමඟින් අත්අඩංගුවට ගත් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට ද එම භටපිරිස් කටයුතු කරනු ලැබීය.

7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව එදිනම (03) ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 210 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති, 221 සහ 222 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත මෙම වැටලීම් සිදුකර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.