Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 15:00:28 Hours

යුද්ධ හමුදාව විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් සිසුසිසුවියන්ට එලිමහන් බැඩ්මින්ටන් (Air Badminton) ක්‍රීඩාව හඳුන්වා දෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි සහ මල්ලාවි ප්‍රදේශවල පාසල් සිසුසිසුවියන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් වන එලිමහන් බැඩ්මින්ටන් (Air Badminton) ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහගේ උපදෙස් මත 651 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17(ස්වේඡ්චා) වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් තුනුක්කායි මහා විද්‍යාලයේ සහ තෙරන්කන්දල් මහා විද්‍යාලයේ එලිමහන් බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට උනන්දුවක් දක්වන සිසුසිසුවියන් සඳහා ප්‍රදේශයේ පාසල් බලධාරීන් සමඟ සාකච්ඡා කර බැඩ්මින්ටන් පිටි දෙකක් ඉදිකරන ලදී.

651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර සහ 17(ස්වේඡ්චා) වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ. ඒ. එන්. බී. අතුරුගිරිය ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (6) දින බැඩ්මින්ටන් පිටි ද්විත්වය පාසල් සිසුසිසුවියන්ගේ අයිතියට පත් කරන ලදී. එම උත්සව අවස්ථාවේදී මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් පාසල් සිසු සිසුවියන් වෙත එලිමහන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපාංග තොගයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහදව ක්‍රීඩා කිරීමටද එක් විය.

මෙම අවස්ථාව සඳහා මාන්කුලම් දිස්ත්‍රික් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පාසල් විදුහල්පතිවරුන්,ගුරු භවතුන්, 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 17(ස්වේඡ්චා) වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු පාසල් සිසුසිසුවියන් විශාල පිරිසක් සහභාගි වූහ.