Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2022 11:13:28 Hours

12 වන සේනාංකයේ මූලිකත්වයෙන් මොණරාගල දෙටගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් ඇඳුම් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය වෙත ග්‍රාම නිලධාරින් සහ පාසල් බලධාරින් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ භටපිරිස් විසින් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත මොණරාගල දෙටගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 475 දෙනෙකු වෙත නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කරනු ලැබීය.

‘සිතුමිණ කන්ස්ට්‍රක්ෂන්’ (Sithmina Construction) පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් දෙසැම්බර් මස 6 දින එම පාසල් පරිශ්‍රයේදී මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා ගේ උපදෙස් හා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වූ අතර වැඩසටහන සමාප්තියේ සිසු සිසුවියන්, ගුරු භවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිසුසිසුවියන් 475 දෙනෙකු වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මොණරාගල දෙටගමුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ සමාගමේ නියෝජිතයින් 12 දෙනෙක්, සිසු සිසුවියන්ගේ දෙමවුපියන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන් තිදෙනෙකුද සහභාගී වූහ.