09th December 2022 15:30:38 Hours
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිළිගත් ඉන්දියාවේ පිලිපීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක පිලිපීන යුද්ධ හමුදාවේ කර්නල් රෝලැන්ඩෝ ගෝමස් (Colonel Rolando Gomez) අද (9) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
කර්නල් රෝලැන්ඩෝ ගෝමස් මේ වනවිට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක ප්‍රතිපත්ති සඳහා වන ජිනීවා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ආරක්‍ෂක සහ රාජ්‍යතාන්ත්‍රික පිළිබඳ 5 වන ආරක්‍ෂක උපදේශක පාඨමාලාව හදාරමින් සිටියි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ කර්නල් රෝලැන්ඩෝ ගෝමස් අතර පැවති මෙම සුහද හමුවේදි දෙරටෙහිම යුද්ධ හමුදාවන්ට වැදගත් වන පොදු කරුණු පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරටෙහිම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවතින සුහදත්වය, සහයෝගීතාවය සහ අවබෝධය වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද එහිදි සිහිපත් කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම මෙන්ම අත්දැකීම් හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ කර්නල් රෝලැන්ඩෝ ගෝමස් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.