Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 15:59:38 Hours

ඉන්දියාවේ සෙනගල් ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාවේ සෙනගල් ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා උපදේශක කර්නල් අබ්දුලායේ ට්‍රායෝ (Colonel Abdoulaye Traore) පසුගිය සිකුරාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ඉන්දියාවේ සෙනගල් ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා උපදේශක අතර පැවති සුහද හමුවේදි දෙරටෙහිම හමුදාවන්ට වැදගත් වන පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරටෙහිම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවතින සුහදත්වය, සහයෝගීතාවය සහ අවබෝධය වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද එහිදි සිහිපත් කරන ලදී. මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ කර්නල් අබ්දුලායේ ට්‍රායෝ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

කර්නල් අබ්දුලායේ ට්‍රායෝ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක සහ රාජ්‍යතන්ත්‍රය පිළිබඳ 5 වන ආරක්‍ෂක උපදේශක පාඨමාලාව හදාරමින් සිටියි.