06th December 2022 19:40:26 Hours
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - 06 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - 25 සාර්ථකව හැදෑරූ නිලධාරින් 118 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (03) දින යුද්ධ හමුදා යුද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම්. යහම්පත් සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් උපාධි හැදෑරු නිලධාරින් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. මෙහිදී, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - 06 හැදෑරූ නිලධාරින් 32 දෙනෙක් සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - 25 හැදෑරූ බංගලාදේශ නිලධාරියෙක් සහ පාකිස්තානු නිලධාරින් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 86 දෙනෙකු වෙත ඔවුනට හිමි උපාධි සහතිකපත් පිරිනැමූහ.
උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් සෑම උපාධිධාරියෙකුටම සිය සුබපැතුම් පිරිනැමීය.
පාඨමාලාවන්හී ඉහළම ස්ථානයන් හිමිකරගත් නිලධාරින් පහතින් දැක්වේ:
ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව
ප්‍රථම ස්ථානය - සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් එච්.එන්.එන්.කේ. හෙට්ටිආරච්චි
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් එම්.කේ.ඩී.පී.පී.කේ. කන්කානිගේ
තෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ මේජර් පී.එච්.එන්.කේ. ආරියරත්න
කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව
ප්‍රථම ස්ථානය - ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඩී.ටී.ආර්. දන්තනාරායන
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඊ.එම්.එච්.ආර්. ඒකනායක
තෙවන ස්ථානය - සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඒ.එම්. රණවක