Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2022 15:44:23 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් සෙසුනිලයන් 31 දෙනෙකුගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වර්ධනය කිරීම වෙනුවෙන් 2022 ඔක්තෝම්බර් මස 25 දින සිට 2022 නොවැම්බර් මස 28 දින දක්වා මාසයක කාලසීමාවක් පුරාවට පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සඳුදා (28) දින පැවැත්විණි.

මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කෝප්‍රල් එම්. සේනාරත්න විසින් හිමිකරගත් අතර, පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ සේවයේ නියුතු 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කෝප්‍රල් එල්. ජයවර්ධන දෙවන ස්ථානයත්, ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර තෙවන ස්ථානයත් හිමිකරගනු ලැබූහ. පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් කපිතන් ජේ.එම්.ජේ.ඩී. රණසිංහ කටයුතු කළේය.

පාඨමාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් වර්ණවත් සංදර්ශනයක් ද පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල සහභාගී විය. එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.