30th November 2022 15:34:33 Hours
14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.එච්.ජේ.අයි. විජේරත්නගේ සම්බන්ධීකරණය මත පිලියන්දල ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම ඒකකයේ භටපිරිස් විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඕමන්ත මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර සළාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2022 නොවැම්බර් මස 23 දින ක්‍රියාත්මක කළ අතර එහිදී, ඩෙස්ක්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් ද පරිත්‍යාග කරනු ලැබීය.
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සහ 613 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 613 වන බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, එම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දුවා දරුවන්ගේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙහිදී රුපියල් දෙදහසක (2000.00) වටිනාකමකින් යුත් සහල්, පරිප්පු, සීනි සහ තේ කොළ ඇතුළත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර, එහිදී බෙදාදුන් පරිඝණක යන්ත්‍රවල වටිනාකම ඇතුළුව මුළු පරිත්‍යාගයන් සඳහා රුපියල් තුන් ලක්‍ෂ අසූ දහසක (380,000.00) පිරිවැයක් දරා ඇත.
මෙම අවස්ථාව 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසකගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.