Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2022 15:37:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් අපරාධ විද්‍යාව පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ‘අපරාධ විද්‍යාව’ පිළිබඳ දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 15 දින සිට 17 දින දක්වා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීය.

මෙම වැඩමුළුවේදී, ‘ඇඟිලි සලකුණු’, ‘සාක්‍ෂි ආරක්‍ෂා කිරීම’, අපරාධ විද්‍යාව සහ අපරාධ විද්‍යාවට අදාළ අනෙකුත් පොදු ලක්‍ෂණ හඳුනාගැනීම පිළිබඳ වන තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් දැනුවත් කරන ලදී. කළුතර පිහිටි පොලිස් පුහුණු පාසලේ අපරාධ පරීක්‍ෂණ පුහුණු සංකීර්ණයේ අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිය විශේෂඥ දැනුම සහ සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ උපදෙස් මත විනය ආරක්‍ෂක නිලධාරීන් 13 දෙනෙක් සහ සෙසුනිලයන් 102 දෙනෙක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ සහ කර්නල් විනය ආරක්‍ෂක කර්නල් සුජීව මුණසිංහ විසින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූ අතර, නොවැම්බර් මස 15 දින පැවති සමාරම්භක උත්සවය සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.