Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2022 15:43:23 Hours

ගුවන් සංග්‍රාමික බලසේනාවේ මූලිකත්වයෙන් ළමා නිවාසයන්හී වෙසෙන දරු දැරියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

53 වන සේනාංකය යටතේ ස්ථාපිත ගුවන් සංග්‍රමික බලසේනාවේ භටපිරිස් විදේශගතව සිටින පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ඇඹිලිපිටිය ‘මෙත් සෙවණ’ ළමා නිවාසයේ වෙසෙන දරු දැරියන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නව සනීපාරක්‍ෂක පහසුකම් සහිත නාන කාමරයක් ඉදිකර පසුගිය සඳුදා (28) දින එම දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙන ලදී.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායකගේ මඟපෙන්වීම මත ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාත් සංජීව විසින් එක්සත් ජනපදයේ වෙසෙන ධානපතියෙකු වන සරත් කළුපහන සහ පිනිදි කළුපහන යන මහත්ම මහත්මීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක අයුරින් ක්‍රියාවට නංවා තිබිණි.

මෙම වැඩසටහනට සමගාමීව, ‘මෙත් සෙවණ’ සහ ඒ අසල පිහිටි ‘බෝධිරාජාරාමය’ ළමා නිවාසයන්හි වෙසෙන දරු දැරියන් අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ කැවිලි ද්‍රව්‍යවලින් සමන්විත ප්‍රණීත දිවා ආහාර පාර්සල් ඇතුළු තවත් ත්‍යාග පාර්සල් ද බෙදා දෙන ලදී.

මෙම ළමා නිවාසයන් භාරව කටයුතු කරන නිලධාරින් සමඟ කරනු ලැබූ සාකච්ඡාවන්හි ප්‍රථිපලයක් වශයෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.