Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2022 15:46:34 Hours

55 වන සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට ඉංග්‍රීසි භාෂා කුසලතා ප්‍රවර්ධන වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ කෙවිල් සහ කඩ්ඩෙයිකාඩු ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින පාසල් සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (16) දින ‘ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධන’ පාඨමාලාවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දරගේ උපදෙස් හා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ඉංග්‍රීසි උපදේශක කපිතන් රෝෂිනී රණසිංහ විසින් සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9 සිට 11 දක්වා කාලය තුළ 55 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී මෙම පාඨමාලාව පවත්වනු ලැබුවාය.

එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබිණි.

මෙම පාඨමාලාව සඳහා පාසල් සිසු සිසුවියන් 75 ත් 80 අතර පිරිසක් සහභාගී වන අතර යුද්ධ හමුදාව වෙතින් ඔවුන්ට අවැසි තේ පැන් සහ දිවා ආහාරයද සපයා තිබිණි.