30th November 2022 15:49:53 Hours
ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ බෝම්බ සහ කෘතිම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - අංක 4 (BIEDD) සහ රසායනික ජීව විද්‍යා විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව - අංක 2 (CBRN) පාඨමාලාවන් සාර්ථකව නිමකරන ලද භටපිරිස් වෙත නිල ලාංඡන ප්‍රදානය කිරීම ඉකුත් සිකුරාදා (25) දින එම පාසලේදී පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගි විය.
ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලෙහි මාස තුනක කාලයක් පැවති මෙම පාඨමාලාවන් ද්විත්වයෙහි බෝම්බ සහ කෘතිම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - අංක 4 සාර්ථකව හදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 22 දෙනෙකු බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ පාඨමාලා (EOD) නිල ලාංඡනය පැළඳීමට සුදුසුකම් ලබාගත් අතර, රසායනික ජීව විද්‍යාත්මක විකිරණවේදය සහ න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව - අංක 2 සාර්ථකව හදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 27 දෙනෙකු (CBRN) නිල ලාංඡනය පැළඳීමට සුදුසුකම් ලබාගන්නා ලදී.
නිල ලාංඡන ප්‍රදානය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම, පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දික පීරිස්, ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් චන්දන වික්‍රමනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.
පහත සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් එම පාඨමාලාන්හි ඉහළම සාමාර්ථ ලබා ගෙන ඇත:
බෝම්බ සහ කෘතිම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාවේ නිලධාරීන්ගේ කාණ්ඩයේ ප්‍රථමයා මේජර් කේ.ජී.එම්.එල් ප්‍රියන්ත - 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
බෝම්බ සහ කෘතිම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාවේ සෙසුනිල කාණ්ඩයේ ප්‍රථමයා ලාන්ස් කෝප්‍රල් ටී.එම් ප්‍රනාන්දු - 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
රසායනික ජීව විද්‍යා විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාවේ පාඨමාලාවේ නිලධාරීන්ගේ කාණ්ඩයේ ප්‍රථමයා කපිතන් බී.එච්.සී.ඩී ගුණතිලක - 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
රසායනික ජීව විද්‍යා විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාවේ පාඨමාලාවේ සෙසුනිල කාණ්ඩයේ ප්‍රථමයා ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.එම්.එම්. ජයවර්ධන - 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය