Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2022 15:51:56 Hours

ජාතික නිපුණතා මට්ටම 3 සහ 4 සඳහා සුදුසුකම් සහිත යුද්ධ හමුදා සාමාජිකයන් තෝරාගැනීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ඉල්ලීමකට අනුව ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්ථාපිත පෙර ඇගයුම් හදුනාගැනීමේ (RPL) පද්ධතියට අනුකූලව ජාතික නිපුණතා මට්ටම 3 සහ 4 සඳහා සුදුසුකම් සහිත යුද්ධ හමුදා සාමාජිකයින් තෝරාගැනීමේ අදියර 3 කින් සමන්විත වැඩසටහනක් නොවැම්බර් මස 26 සිට 28 දින දක්වා ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේදී පැවැත්විණි.

වෘත්තීය පාඨමාලා 15 ක් සඳහා සුදුසුකම් ලබාගැනීම සඳහා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා විශ්‍රාම යාමට නියමිතව සිටින නිලධාරීන් 08 දෙනෙක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාව සමාප්තියේ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් උපාධියකට සමාන ජාතික නිපුණතා මට්ටම 3 සහ 4 සුදුසුකම පිරිනමනු ලැබීය.

දින තුනක් පුරා පැවති මෙම පාඨමාලාවේ මූලික තේරීම් වැඩසටහන වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්‍ෂ, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලද අතර, වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහයෝගය ද හිමිවිය.