Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2022 21:58:14 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

රත්මලාන පිහිටි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය. මෙයට පෙර යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලැබූයේ බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසිනි.