Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2022 22:30:01 Hours

7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක සේවාවක්

52 වන සේනාංකයේ 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි පුද්ගලික මූල්‍යමය දායකත්වය මත චාවකච්චේරි රෝමානු කතෝලික දමිළ පාසලේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් පවුල්වල තෝරාගත් සිසුසිසුවියන් විසිතුන් දෙනෙකු සඳහා ප්‍රණීත දිවා ආහාර වේලක් සහ පාසල් උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (25) දින බෙදා දෙනු ලැබීය.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දුගේ උප‍දෙස් මත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ.ජී.එස්.එන්.ඒ බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් එම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරන ලදී.