Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2022 21:42:03 Hours

යුද්ධ හමුදා මුලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක විශ්‍රාම යාමත් සමඟින් මෙම පත්වීම සිදුකර තිබුණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථමයෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි කටයුතු සිදුකර තිබුණි.