26th November 2022 18:36:43 Hours
64 වන සේනාංකයේ යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්වල භටපිරිස්හි ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලිය ඔඩ්ඩුසුඩාන් හි ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 13 දින සිට 23 දින දක්වා පවත්වන ලදී.
පාපන්දු තරඟාවලිය සඳහා 64 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් 8 ක් තරඟ වැදිණි.
තියුණු තරඟයකින් පසු 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු පාපන්දු කණ්ඩායම ශූරතාවයත්, 662 වන බලසේනා පාපන්දු කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත්හ.
තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.පී.එම් ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදී.
අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සමගින් 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේධංක අල්විස් කණ්ඩායම්හි ක්‍රීඩකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.