26th November 2022 18:37:43 Hours
6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් නන්දිකඩාල්හි ස්ථාපිත 59 වන සේනාංක බලඇණි පුහුණු පාසලේ පැවති බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය බදාදා (16) දින සාර්ථක අයුරින් අවසන් කරන ලදී.
මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසුනිලයින් 388 දෙනෙකු සහභාගී වූහ. සැප්තැම්බර් මස 26 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා පැවැත්වූ බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය බදාදා (16) දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් එහි අවසන් දේශණය සිදුකිරීමෙන් පසු එහි සමාප්තිය සනිටුහන් කරන ලදී. එහිදී, එතුමන් විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ පාඨමාලාලාභීන් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.
බලඇණි පුහුණු පාඨමාලාවේ අවසන් දින උත්සවය සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.