26th November 2022 18:34:33 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ධානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව කල්මුණේ නින්දවූර් හි ඉමාම් ඝාෂාල් උසස් පාසලේ පාසල් සිසුන් සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් පසුගිය සිකුරාදා (18) දින ප්‍රදානය කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් එම පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පරිත්‍යාග වැඩසටහන සංවිධානය කර පවත්වන ලදී. ධානපතියෙකු වන එස්.එම්.එල් නසීරූන් මහතා විසින් එම ක්‍රීඩා භාණ්ඩ කට්ටලය සඳහා මූල්‍යමය දායකත්වය දැක්වීය.
මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සහභාගී විය. එම උත්සව අවස්ථාව සඳහා ධානපති එස්.එම්.එල්. නසිරූන් මහතා, කල්මුණේ නින්දවූර් ඉමාම් ඝාෂාල් උසස් පාසලේ විදුහල්පති, 241 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ ගුරුවරු භවතුන් ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකුද සහභාගි වූහ.