Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2022 19:16:52 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ පසුගියදා නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. මෙයට පෙර මෙම ධූරයේ රාජකාරි කටයුතු සිදුකරනු ලැබූයේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව එතුමන් වෙත මහා සංඝරත්නය විසින් කෙටි අනුශාසනාවක්ද සිදුකරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.

නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද රාජකාරි කටයුතු සිදුකර තිබුණි.