Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2022 19:18:47 Hours

පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් 54 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි එච්අයි (එම්) (Umar Farooq Burki, Hi (M) (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (24) මන්නාරමේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.

54 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙනුවෙන් 543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික හරස්ගම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව පැවති සුහද හමුවේදී බ්‍රිගේඩියර් චන්දික හරස්ගම සහ පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය, සමාජ සුබසාධන ව්‍යාපෘති, ආරක්‍ෂක තත්ත්වය, සංවර්ධන ආධාර සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදු විය.

සුහද හමුව අතරතුරදී බ්‍රිගේඩියර් චන්දික හරස්ගම එම අවස්ථාව සනිටුහන් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලද අතර, එතුමන් විසින් විශේෂ අමුත්තන් සඳහා වෙන් කරන ලද පොතක සමරු සටහනක්ද තැබීය.