Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2022 18:05:41 Hours

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජෙනරාල් ශාඛාවේ සහකාර ආරක්‍ෂක උපදේශක 61 වන සේනාංකයේ සංචාරයක

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජෙනරාල් ශාඛාවේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් (Lieutenant Colonel Puneer Sushil) පසුගිය සඳුදා (21) දින බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 වන සේනාංකයේ සංචාරයක නිරත විය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ඉන්දීය කොන්සල් ජෙනරාල් ශාඛාවේ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන්ගේ කාර්යාලයේදී සුහද සාකච්ඡාවක් පැවති අතර එම අවස්ථාව සඳහා 61 වන සේනාංකයේ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.

මෙම අවස්ථාවෙහි වැදගත්කම සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් විසින් ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. සේනාංක මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබුවේය.