Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2022 16:15:25 Hours

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත්වූහ.

මෙම තරඟාවලිය, අගෝස්තු මස 19 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා දිවයින පුරා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයකදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු අතර, තරඟාවලිය සඳහා දිවයින පුරා ප්‍රසිද්ධ ක්‍රිකට් කණ්ඩායම් 26 ක් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයට හිමිකම් කියන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල කේ.ඩබ්ලිව්.කේ.එස්.කේ. නානායක්කාර කඩුලු 66 ක් දවාගනිමින් තරඟාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස තරඟාවලියේ දෙවන ස්ථානයට පත්විය.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු සියලුම සාමාජිකයින් අවසන් මහා තරඟයේදී යුද්ධ හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය ලබාදුන්හ.