Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2022 13:15:14 Hours

දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) මූලස්ථානයේ දෙවන මට්ටමේ රෝහලෙහි 8 වන කණ්ඩායමේ සේවය ඇගයීමට

කොරියානු ජනරජයේ සිවිල් - හමුදා මෙහෙයුම් දෙපාර්තමේන්තු ප්‍රධානී මේජර් ජෙනරල් ඩියොග්සුං ජුන්ග් (Major General Deogsung Jung) සහ විදේශීය මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ක්වාන්යෝ ලී (Kwanhyo Lee) පසුගියදා දකුණු සුඩානයේ බෝර් හී පිහිටි දෙවන මට්ටමේ රෝහල් තුළ සංචාරයක නිරත වෙමින් ලුතිනන් කර්නල් එන්.එම්. නිෆ්ලර් විසින් අණදෙනු ලබන දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) මූලස්ථානයේ දෙවන මට්ටමේ රෝහලෙහි 8 වන කණ්ඩායම විසින් කොවිඩ් - 19, මැලේරියාව සහ අනෙකුත් බෝවන රෝග පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) මූලස්ථානයේ දකුණු කොරියානු ඉංජිනේරු බලඇණියේ සාමාජිකයන් විසින් දකුණු සුඩානයේ බෝර් හී පිහිටි දෙවන මට්ටමේ රෝහල් තුළ සංචාරයක නිරත වෙමින් එම භටපිරිස් විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිදුකරනු ලබන සේවය පැසසුමට ලක්කරන ලදී.

සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් තැබීමෙන් පසු දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතාව වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.