Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2022 14:15:14 Hours

ඉන්දුනීසියානු සහ ප්‍රංශ සාමසාධක භටපිරිස් වෙත පදක්කම් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක ඛණ්ඩයට ආරාධනා

2022 ඔක්තෝම්බර් මස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ (UNIFIL) ඉන්දුනීසියානු සහ ප්‍රංශ සාමසාධක භටපිරිස් සිදුකළ සේවාව සහ කැපවීම අගයකරමින් ඔවුන් වෙත පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරිතුමන් ප්‍රමුඛ භටපිරිස් සම්භාවනීය ආරාධිතයින් ලෙස එක්වූහ.

ලෙබනනයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදුකරනු ලබන විශිෂ්ට සේවාවන් අගයමින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය වෙතින් ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරී සහ එම භටපිරිස් වෙත මෙම ආරාධනාව සිදුකර තිබිණි.

මෙම උත්සවයේදී ඉන්දුනීසියානු සහ ප්‍රංශ සාමසාධක භටපිරිස් වෙත එක්සත් ජාතීන්ගේ පදක්කම් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.ඩී.එන්. සමරකෝන් වෙත ද ආරාධනා කර තිබිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන් සහ වෙනත් රටවල ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකා නියෝජිතයින් ද සහභාගී වූහ.